ondiknok logo

ondiknok logo

Wednesday, March 23, 2016

විටක ගණිකාවක් යැයි කියනා ගැහැණිය,තවත් විටෙක විශාකාවක් වන්නේ මනුෂ්‍යයෙකුගේ සිතුවිල්ලක් මතයි. එම පුද්ගලයාගේ සිතුවිල්ල මත පදනම්වන ඇයගේ චරිතයේ අර්ථදැක්වීම මත තවත් අයෙක් එම චිත්ත රූපයම තම සිතේ ගොඩනගාගන්නේ එම ගැහැණිය දෙස වෙනත් අයෙකුගේ කෝණයෙන් ඇගේ දෙස බලමිනි. තවත් අයෙකුගේ අර්ථදැක්වීම මත පදනම්ව ස්වාදීනව නොබලමින් තවත් අයෙකුගේ චරිතය තමසීතේ ගොඩනගාගන්නේ පිළිකුලක් ඇතිකරගනිමිනි. ''ගණිකාව'' යන වචනයට ලැබෙන සැලකිල්ල ගණිකාවකගේ පහස සොයා ගොස් තම ආශාව සන්තර්පණය කරගන්නා තුරු පමණක් පවතින අතර, ඉන්පසු, එම රැකියාවේ නිරත වැන්නුන් හට සමාජයේ පොදුවේ ලැබෙන ගැරහුම් ලැබේ.

-යුක්තානුව-
-Zygote -
©prabhash_Rajapaksha






Tuesday, November 24, 2015

සුදුමැලි මුහුණ ,ඉරුණු මේස්...වත්සුණු තැවරුණු කම්බුල් සිපගන්න වයසක දරුණු මනුස්සයෙක්. රළු දවසක්..ජීවිතය ගැටගහගන්න දරන උත්සහයක්..සමාජයට තවත් එක් ගණිකාවක්...
     -යුක්තානුව -
     -zygote-
                                                                ©prabhash_Rajapaksha

Wednesday, September 16, 2015

තරගය,
මානසික තෙරෙපුම මත දිවෙන
විකාරරුපි පසුබිම් මත ඇදුනු චිත්‍රය
අවසානයට පෙර නිමක් නොවන  කඩයිම...
           - යුක්තානුව -
           - Zygote -
                                                             ©prabhash_Rajapaksha

Friday, August 14, 2015

තනිකම අර්ථදක්වන්නට ගන්නා උත්සාහය තනිකම මකා ගැනීමට කරනා වෑයමකි.ගොඩනැගිලි අතර සිරඋන ජීවිතය පසුකර නිමක් නොපෙනෙන තැනිතලා කෙත්වතු දෙස බලාගෙන සිටීමට දකින සිහින ජීවිතයට බලාපොරොත්තුවක් දෙනමුදු මාගේ තනිකම කාන්සිය වැඩි කරයි.
තබන පියවර විශ්වාස නමුදු,එය මාගේ ජීවිතයේ නිවැරදි තීරනයදයි තනිකම ඇති විටදී මම කල්පනාකරයි...
මදුවතින් තනිකම මකාගැනීමට උත්සහ නොකර කොපි කෝප්පයකින් හා දුම්කුරකින් තනිකම මකාගැනීමට උත්සහ කීරීම ගැන මම සතුටුවෙමි.කොපි කෝප්පය සහ දුම් කුර ලබාදෙන තාවකාලික සහනයට මම ඉස්තුතිවන්ත වෙමි
                         
      -යුක්තානුව-
     -Zygote- 
                                                             ©prabhash_Rajapaksha 
12.08.15
දයාබර දුම්කුර,
  ඔබ මට ඇතිකරන බලපෑම මම දනිමි .එනමුත් මම තව තවත් ඔබට පෙම් බදිමි.විවේකයද කන්සියද ඔබගෙන් නැතිකර ගැනීමට උත්සහ කිරීම මෝඩ කමක් බව මම දනිමි.එනමුත් මම තව තවත් ඔබට පෙම් බදිමි.
     අතොරක් නොමැතිව ඔබ බිලිගත් ජීවිත දෙස ඔබ කෙසේ බලන්නේදැයි මම නොදනිමි.සමාජය ඔබට කෙතරම් ෙවෙර කරන්නේදැයි මම දනිමි,මම දකින්නෙමි,මට ඇසෙන්නෙමි.නමුත්,එම සමාජය තුලම ඔබට පෙම් බදින එක් අයෙකි මම.

                                                   -යුක්තානුව-
                                                     -Zygote-  13.08.15

Wednesday, July 29, 2015

මම කාව තේරුම් ගන්නදැයි සිතමින් ලතවෙන්නෙමි.කිමද වරෙක අයෙක් තමා ගැන විශ්වාස කරන්න යැයි කියනා අතර තවත් වරෙක තව අයෙක් විශ්වාස කරන්න යැයි පවසයි.ප්‍රශ්නයකට පිළිතුරක් සොයන්නා හට එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර පිලිබදව ප්‍රශ්නයක් ඇති උන විට ප්‍රශ්නය නිරාකරණය උවද, එය තවත් ප්‍රශ්නයක් ඇති කර අවසානය.සැම විටම ප්‍රශ්නයකට පිළිතුර ලැබෙන්නේ ප්‍රශ්නයකින්ම වීම අහම්බයක් ද නැතහොත් තවත් ප්‍රශ්නයක්දැයි මම ප්‍රශ්න කරන්නෙමි.....
                                                          - යුක්තානුව - 
                                                 ©prabhash_Rajapaksha

Tuesday, July 14, 2015

අතීතය අතීතයම විය,
වර්තමානය සකස් කරගන්මින් 
අනාගතය පොදිබදින්නට පටන් ගත්තෙමි...
නමුදු,
අතීතය වර්තමානය හා මුසුව 
අනාගතය සකස් කර අහවරය....
       -යුක්තානුව -
                                                               ©prabhash_Rajapaksha