ondiknok logo

ondiknok logo

Friday, June 12, 2015

                                                                   - මිනිස්සු සහ හීන -
මිනිස්සු පොඩියට හීන දකින්න පටන් අරගෙන පස්සේ ලොකු ලොකු හීන පස්සේ දුවන කොට්ටාශයක් .හීන හැබෑ නොවුනහම තමන්ට බනිනවා තරහා ගන්නවා .පොඩියට පොදි බැදපු හීනවලට ලොකු අර්ථයක් දෙන්න හදනවා...සරල ජීවිත සංකීර්ණ හීන එක්ක පටලගන්න හදනවා...සරල බවෙන් ජීවිතය මිදුනහම හීන වලට බනිනවා සරල ජීවිතය නැති කරා කියලා...හීන මිනිසෙක්ව ජීවත් කරවනවා මිනිසෙක්ට බලාපොරොත්තුවක් ලබාදෙනවා...අහේතුකවම මිනිස්සුන් හීන දකිනවා..හීන බලාපොරොත්තු වෙනවා.එක හීන දකින මිනිස්සුන්ගේ හැටි. සරලවම හීන ජීවත් වෙනවා..මිනිස්සුන් තුල. නමුත් මිනිස්සු හීන තුල ජීවත් වෙනවා.
  - යුක්තානුව -
©prabhash_Rajapaksha

Thursday, June 11, 2015

                                     - මිනිසුන් දකින දේ සහ සිතන දේ පිළිබද සත්‍ය -

මිනිසුන් සිතනවා ඔවුන් දකින දේ ගැන..ඔවුන් එය දකින්නේ ඔවුන්ට දකින්න අවශ්‍ය ලෙස නොවෙයි..එයයි මිනිසුන් දකින දේ පිළිබද සරලම සත්‍ය..ඔවුන්ට ඔවුන් දකින දේ පිලිබදව, ඔවුන් සිතන විදිහට දකින්නට අවශ්‍ය විට ඔවුන් එය කෙසේ හෝ ඔවුන්ට අවශ්‍ය විදිහට දකිනවා.ඔවුන් ඒ සදහා තමන් සතු සියලුම දේ, යොදවන්න කැමතියි.. ඔවුන්ට වැදගත් වෙන්නේ තමන් නිවැරදි යයි මිනිසුන් සිතනවාටයි
                                                            -යුක්තානුව -
                                                    ©prabhash_Rajapaksha