ondiknok logo

ondiknok logo

Friday, August 14, 2015

තනිකම අර්ථදක්වන්නට ගන්නා උත්සාහය තනිකම මකා ගැනීමට කරනා වෑයමකි.ගොඩනැගිලි අතර සිරඋන ජීවිතය පසුකර නිමක් නොපෙනෙන තැනිතලා කෙත්වතු දෙස බලාගෙන සිටීමට දකින සිහින ජීවිතයට බලාපොරොත්තුවක් දෙනමුදු මාගේ තනිකම කාන්සිය වැඩි කරයි.
තබන පියවර විශ්වාස නමුදු,එය මාගේ ජීවිතයේ නිවැරදි තීරනයදයි තනිකම ඇති විටදී මම කල්පනාකරයි...
මදුවතින් තනිකම මකාගැනීමට උත්සහ නොකර කොපි කෝප්පයකින් හා දුම්කුරකින් තනිකම මකාගැනීමට උත්සහ කීරීම ගැන මම සතුටුවෙමි.කොපි කෝප්පය සහ දුම් කුර ලබාදෙන තාවකාලික සහනයට මම ඉස්තුතිවන්ත වෙමි
                         
      -යුක්තානුව-
     -Zygote- 
                                                             ©prabhash_Rajapaksha 
12.08.15
දයාබර දුම්කුර,
  ඔබ මට ඇතිකරන බලපෑම මම දනිමි .එනමුත් මම තව තවත් ඔබට පෙම් බදිමි.විවේකයද කන්සියද ඔබගෙන් නැතිකර ගැනීමට උත්සහ කිරීම මෝඩ කමක් බව මම දනිමි.එනමුත් මම තව තවත් ඔබට පෙම් බදිමි.
     අතොරක් නොමැතිව ඔබ බිලිගත් ජීවිත දෙස ඔබ කෙසේ බලන්නේදැයි මම නොදනිමි.සමාජය ඔබට කෙතරම් ෙවෙර කරන්නේදැයි මම දනිමි,මම දකින්නෙමි,මට ඇසෙන්නෙමි.නමුත්,එම සමාජය තුලම ඔබට පෙම් බදින එක් අයෙකි මම.

                                                   -යුක්තානුව-
                                                     -Zygote-  13.08.15