ondiknok logo

ondiknok logo

Friday, June 24, 2016

                                                                       දුප්පතුන්ගේ සිනහව 

මම ජීවිතය බැරෑරුම් ලෙස නොගන්නෙමි. නමුදු මම ජීවිතය මගේ ඇසින් දැකීමට ආශා කරන්නෙමි.මම මගේ ජීවිතය මම දකින මිනිසුන්ගේ ජීවිත සමග සසදන්නෙමි.එනමුත් මම මගේ ජීවිතය උසස් කියා කිසිවිටක නොසිතමි.මක්නිසාදයත්, මමද මගේ ජීවිතයේ බොහෝ දින ඔවුන්ගේ ජීවිතයේ දින මෙන් ගතකර ඇත්තෙමි.රුපියලක්(ඩොලරයක්) පර්ස් එකේ නොමැතිව,බැංකු ගිණුමේ අගය ඍන අගයක ඇතිව වෙල් දෙක තුන කෑම නොකා මමද ඉද  ඇත්තෙමි. විටක පර්ස් එකේ ඩොලර් 300 ක්ද(රුපියල් 30,000), බැංකු ගිණුම් ඉලක්ලම් හතරක අගයන්ද තබාගෙන නගරයේ ඇති ඉහලම පෙලේ හෝටල් වල රසයයි කියන අල්ලක් තරම්වත් නොමැති අහාර ඩිෂ් ද රස බලා ඇත්තෙමි.
     මම සියලුම තරාතිරම්වල මිනිසුන් ආශ්‍රය කිරීමට මහත් ඇල්මක් දක්වමි.බොහෝ ඇල්මක් දක්වන්නේ සමාජය විසින් පහත් යැයි සලකන හිගන්නන් (යාචකයින් ) ආශ්‍රය කිරීමටයි.මම ඔවුන්ගේ කතා, ඔවුන් දකින දේවල් ඔවුන්  දේවල් ඇසීමට කැමැත්තෙමි. මක්නිසාද යත්. පොහොසත් යයි සමාජය හදුන්වන පිරිස් හට ඔවුන්ට අවශ්‍ය දේවල් ගැනීමට හැකියාව ඇති බැවින් හා ඔවුන් දන්නා හදුනන බොහෝ මිනිසුන් උසස් යයි සමාජය හදුන්වන බැවිනි.නමුත් මම සමාජය උසස් යයි හදුන්වන මිනිසුන්ගේ ව්‍යාජ සිනහව හා සමාජය පහත් යයි හදුන්වන මිනිසුන්ගේ අව්‍යාජ සිනහව දැක ඇත්තෙමි.

මම දෙවියන් විශ්වාස කරන්නෙමි. මම බෞද්ධයෙක්මි,නමුදු මම සියලුම ආගම් වලට ගරුකරන්නෙමි. මම පුජනීය ට්‍රිපිටකය ද , ශුද්ධ වූ බයිබලයද,ශුද්ධ වූ කුරාණය ද , බගවත් ගීතවද  කියවා ඇත. සියලුම කියවීම් වලින් අනතුරුව මට හැගි ගියේ සියලුම දර්ශනයන්ගේ හා ආගම් වල හරය එකිනෙකට සමාන බවයි. නමුදු මට එක ප්‍රශ්නයක්  සැමවිටම පන නගයි.එම ප්‍රශ්නය නම්, සියලු සස්ට්‍රුන්වහන්සේලා හට ලෝකය සමානාත්ම තාවය දැකීමට අවශ්‍ය විය. නමුදු අප සෑමවිටම අපව අපට වඩා පහත් පුද්ගලයෙක් දෙස බලා මම,අප උසස් යයි පවසයි නැතහොත් සිතින් සතුටුවෙයි. අවසානයේ මට හැගෙන්නේ ඔබත් මමත් ඇත්තවශයෙන්ම පහත් බවයි. කිමද ඔබත් මමත් ඇත්තවශයෙන්ම පහත්ය. පහත් වන්නේ මිල මුදලින් නොව ශිෂ්ට සමාජය මගින්ය. එම ශිෂ්ට සමාජය  මිනුම්දන්දක් පනවා ඇත. ඔබ කිසියම් පුද්ගලයෙක් පිළිබද ඔබට වඩා පහත් ලෙස දක්කිනේ නම්, ඔබ කෙතරම් උසස් උවත් ඔබ පහත් නැතහොත් අශිෂ්ට සමාජයේ පුද්ගලයෙකි.  

                                                                       -යුක්තානුව- 
©prabhash_Rajapaksha
25.06.2015