තනිකම අර්ථදක්වන්නට ගන්නා උත්සාහය තනිකම මකා ගැනීමට කරනා වෑයමකි.ගොඩනැගිලි අතර සිරඋන ජීවිතය පසුකර නිමක් නොපෙනෙන තැනිතලා කෙත්වතු දෙස බලාගෙන සිටීමට දකින සිහින ජීවිතයට බලාපොරොත්තුවක් දෙනමුදු මාගේ තනිකම කාන්සිය වැඩි කරයි.
තබන පියවර විශ්වාස නමුදු,එය මාගේ ජීවිතයේ නිවැරදි තීරනයදයි තනිකම ඇති විටදී මම කල්පනාකරයි...
මදුවතින් තනිකම මකාගැනීමට උත්සහ නොකර කොපි කෝප්පයකින් හා දුම්කුරකින් තනිකම මකාගැනීමට උත්සහ කීරීම ගැන මම සතුටුවෙමි.කොපි කෝප්පය සහ දුම් කුර ලබාදෙන තාවකාලික සහනයට මම ඉස්තුතිවන්ත වෙමි
      -යුක්තානුව-
     -Zygote- 
                                                             ©prabhash_Rajapaksha  
12.08.15